අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Monday, February 14, 2011

18 ට

පොත පත වලට ගත සිත යොමු කරනු කියා
තැනතැන දුවන සිත එක්තැන් කරනු නියා
එන එන විභාගෙන් ජය ජය ලබනු නියා
නිතරම මතුරන්නෙ අම්මා පුතේ කියා

18ට පැන්න මට වැඩනම් ඉහත් උඩින්
අම්මා පෙරෙත්තුවෙ විභාගෙ ලගින් ලගින්
ගොලු හදවතක් පැතුවත් හිත එහෙන් මෙහෙන්
මේටික කලත් ඉන්නව ඇගෙ වදෙන් පො‍රෙන්


මෙතුවක් උගත් සිප්සත දැන නිමවාම
මා දැඩි කල රට මාගේ මව සේම
දුන් අත්වැලට ගරු කරන්න හැමදාම
කරනෙමි සේවයක් මගෙ රට දිනවාම

(18 දි මෙහෙම නෙ හිතුනෙ අමයුරාට )