අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Tuesday, February 28, 2012

අහස දුර බව

ඈත දුර නිල් අහසෙ - වලා කුලු ලංවකී
කතාවක් අසන්නට

පියාපත් දිලිසෙනා - විදා ඒදෙස බැලූ
විහග ගී මිහිරි බව - විදින්නට කල් නැතිව
මං මුලා වී විහග දේනුව - අහස දුර බව
ඇත නොපෙනෙන

අසා නැති යයි - කියුවෙන් හද
දැන් විඩාවට කදුලු....

සලන්නට අවසරයි - එනමුත්
අහස දුර බව කියා - දෙන්නට
පමා වුනා නම්....මම

Tuesday, January 17, 2012

වැහි බිංදු


හෙලන්නට වැහි බින්දු 
ඉඩ නොදෙන අහස් කුස 
හිස් බවක් ලෙසින් දුටු 
ගැබුරු දුර කියනු බැරි ඒ නිහඩ
වැහි බිංදු හෙලාවී නම් 
දරා ගන්නට බැරිව 
මහා පොලොව උතුරාවී,

ලෝකයක් ලග ඇතියි 
කියා සිතනා විටදී 
ඒ ලොවේ සදවතිය 
අහස් කුස නම් නොවෙයි 
වැහි බිංදු හෙලනු බැරි 
නිසා........ ලොව දකින
සදවතිය ලග නොමැති 
සද එළියේ සුවදනැති 
හිස් ගැබුරු අහස් කුස 
ලොවක් දෙස බල සිටි