අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Friday, December 16, 2011

විල් තෙර

මග එලි අදුරේ සැදී නෙතින් 
විල් තෙර ඉවුරේ සොදුරු සිතුම්

හැරී බලා උන් නිමෙෂයක් වුව  
නෙතින් විදී ඒ මිහිරි දසුන්

හුදකලා නැති දුරක අදුරක
රිය කවුලුවෙන් දුටු ඒ අරුමැසියන්

තනිව විදිමි මා.............



මිතුරිය යායුතු ගමනක් ගොස් අද!

නොදුටු ඔබ -රැදුනි හදට ආපු පිළිතුර


කිසිම දිනයක නොදුටුවත් ඔබ
ආදරේ සාගරය තරමට.....
ඔබේ වදනින් නිවුන මගෙ සිත
පතයි සැමදින ඔබේ සෙනෙහස / මිතුදම

මේක ඕං අමයුරාගෙ නෙවෙයි. ආපු පිළිතුර ඒ විදියටම.

Saturday, September 10, 2011

රැදුනි හද

සිනාවක් සවන් මත නොවැකුනා හඩකින්
හදවතින් මුමුනනා පදපේලි ගලපමින්
සැදී ආ මිතුදමක අරුත් ගෙන ලංවෙමින්
මිතුරියක් රැදුනි හද අකුරු හුවමාරුවෙන්

ආවා පිළිතුරක් ඒකට අමයුරාට.......පිළිතුර පසුව පෝස්ට් කරන්නම්කෝ

Sunday, August 7, 2011

අහිමි නැති




අහිමි නැති ආදරය - උතුරාවි හද පුරා

හිදිමි දන්නා සුවද - මතකයක් ලග නිසා
අරුම දන්නා ලොවේ - දුරක ගිය පව දරා
සුසුම් නොහෙලමි මම - කදුලු වැගිරෙනු අසා...


(අමයුරා ඇසූ කතාවක්)

Friday, July 8, 2011

මෙෙග් ලග














හිතවත්ම තැනක සිට - හිත රිද්දනවා ඔබ
පවසන්න කදුලු බිදු - අැයි තවම ඔෙබ් ලග
විමසන්න සිතුන විට - හදවත පැටෙල් නම් මග
නවතින්න මිතුරිෙය් ඔබ - තවමත් මෙෙග් හද ලග 

Tuesday, May 17, 2011

සොදුරිය මුනිවතින්

දොඩමලු වන්නට නෙතින් දුන් ඇරයුම
සිත දැඩිමදිද මුමුනන්න පබැදුම
ලග ඉන්න ඉඩ සෙවූ පියාඹන වසත්කල
පවසන්න සොදුරියේ මුනිවත දුරස් බව

තවම මා ඔබ අසල ගිමන්හල සොයන මග
සපුරන්න ඒ පැතුම තවත් කල් වැඩිවේද
දිලිසෙනා නෙත් අදුන් කියන ඒ පිලිතුරුද
කියනු සොදුරියේ ඔබ මටම, හිමි වෙයිද

Thursday, April 14, 2011

අතරමග

ආදරෙත් නෑ විරහවත් නෑ
හිත නොදන්නා තැනක සිරවී
හිතාගන්නට පවා බැරිවී
ඉදිමි තනිවී.... එනමුත් වෙන්න බෑ...
තනි වෙලත් නෑ ඇය ලගත් නෑ
හිස් බවක් පිරවී හිතේ
මෙතු සැබෑ නොවු මගේ සිහිනය
අතරමං වී ලොවක් අබියස
හදේ ගැඹුරුම තැනක තනි කම
සොයාවී ඒ ...........
නැවතිලා ..අතරමග මම ඉමි බලා........
කදුලු බිදටත් හිනැහිලා...........

Monday, February 14, 2011

18 ට

පොත පත වලට ගත සිත යොමු කරනු කියා
තැනතැන දුවන සිත එක්තැන් කරනු නියා
එන එන විභාගෙන් ජය ජය ලබනු නියා
නිතරම මතුරන්නෙ අම්මා පුතේ කියා

18ට පැන්න මට වැඩනම් ඉහත් උඩින්
අම්මා පෙරෙත්තුවෙ විභාගෙ ලගින් ලගින්
ගොලු හදවතක් පැතුවත් හිත එහෙන් මෙහෙන්
මේටික කලත් ඉන්නව ඇගෙ වදෙන් පො‍රෙන්


මෙතුවක් උගත් සිප්සත දැන නිමවාම
මා දැඩි කල රට මාගේ මව සේම
දුන් අත්වැලට ගරු කරන්න හැමදාම
කරනෙමි සේවයක් මගෙ රට දිනවාම

(18 දි මෙහෙම නෙ හිතුනෙ අමයුරාට )

Monday, January 3, 2011

අහසටද...........

සුපිපෙන්න මල් කැකුල - නුබ නුඹ දකිනු රිසින
සුලගෙ සුව නුඹ‍ට දී - සුවද අරගනු පිණිස
නිම්තෙරක් නොපෙනෙනා - අහසටද නුඹ උරැම
ඒ ගැනම සිත සිතා - ඉකිබිදින වෙලාවට
නුඹෙ සුවද සුසුමකට - මොහොතකට එකතුකර
එවනවද මා වෙතට - අහස නොදකින ලෙස‍ට
නුඹෙ සුවද හොරෙන් ගත් - අහසනම් නොවේ මම

කප්පරක් පැතුම් ගෙන - සුළගටත් පිටුපාන 
එදින් නුඹ වසන්නට - මේකුලක් නොමැත මට

පතන හැම පැතුමකම - හෙලන හැම සුසුමකම
සෙදුරැ මල් කැකුළ නුඹෙ - රැව පෙනේ හැම තැනම 
එයද මා කළ වරද - අහස මට පිටුපාන
ඔබත් හිමි නොමැති බව - කියද්දී ඒ සුසුම...............
කදුලු බිදු මා හැරම යන ලෙසට
ඔබත් මා නෙත් ඉමෙන් ගියේ නම් නැත අරැම.....


Saturday, January 1, 2011

ඉගිලෙනා

ඉගිලෙනා මානවිකාවිය
සිතලග පියාපත්සලා ගිය..
වේදනා දල්වන්න සිනා විය
සැමදාම මා ඈ සොයාවිය
නේක ගී වැයූ රැය
නාරි සෝබනා රැව සිත මා මැවේවිය
ගීත ගායනා අතරින් ඇදී ගිය
ඉගිලෙනා මානවිකාවිය 
ඔබ සොයා එමියි කී වදන්
පය පැටලීය
දුරක් එන්නේ කෙසේ ඔබත් දැන් හුගක් දුර.............






අමයුරා ගෙනඑන

බලාපොරොත්තුව එයයි

නිදිවරා ‍නෙතු අයා බලා ඉන්නාතුරා
සුසුම් කෙදි මුදුපවන සමග මුසුවනතුරා
සිතුම් පොදි හදවතේ පිරී ඉතිරෙනතුරා
සිතත් ගත වෙහෙස ගෙන හබා ‍යමි සිතපුරා

බලාපොරොත්තුව එයයි හදවතේරැදි තුරා..................................
 
 

අදුරට

මුලු රෑ පුරාවට තරැ දිහා බලාගෙන
ඉන්න‍ට උරැමවුනා අදුරට
සද සාවි අදුරට ආදරේ නැති නිසා
අදුරටත් තනිකම උහුලන්න බැරි නිසා
පිනි බිංදු වූ කදුලු වැගිරැනා
සද සාවි දැක්කෙ නෑ...........
අමාවක නිසා දෝ........