හෙලන්නට වැහි බින්දු
ඉඩ නොදෙන අහස් කුස
හිස් බවක් ලෙසින් දුටු ගැබුරු දුර කියනු බැරි ඒ නිහඩ
වැහි බිංදු හෙලාවී නම්
දරා ගන්නට බැරිව
මහා පොලොව උතුරාවී,
ලෝකයක් ලග ඇතියි
කියා සිතනා විටදී
ඒ ලොවේ සදවතිය
අහස් කුස නම් නොවෙයි
වැහි බිංදු හෙලනු බැරි
නිසා........ ලොව දකින
සදවතිය ලග නොමැති
සද එළියේ සුවදනැති
හිස් ගැබුරු අහස් කුස
ලොවක් දෙස බල සිටි