අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Monday, January 3, 2011

අහසටද...........

සුපිපෙන්න මල් කැකුල - නුබ නුඹ දකිනු රිසින
සුලගෙ සුව නුඹ‍ට දී - සුවද අරගනු පිණිස
නිම්තෙරක් නොපෙනෙනා - අහසටද නුඹ උරැම
ඒ ගැනම සිත සිතා - ඉකිබිදින වෙලාවට
නුඹෙ සුවද සුසුමකට - මොහොතකට එකතුකර
එවනවද මා වෙතට - අහස නොදකින ලෙස‍ට
නුඹෙ සුවද හොරෙන් ගත් - අහසනම් නොවේ මම

කප්පරක් පැතුම් ගෙන - සුළගටත් පිටුපාන 
එදින් නුඹ වසන්නට - මේකුලක් නොමැත මට

පතන හැම පැතුමකම - හෙලන හැම සුසුමකම
සෙදුරැ මල් කැකුළ නුඹෙ - රැව පෙනේ හැම තැනම 
එයද මා කළ වරද - අහස මට පිටුපාන
ඔබත් හිමි නොමැති බව - කියද්දී ඒ සුසුම...............
කදුලු බිදු මා හැරම යන ලෙසට
ඔබත් මා නෙත් ඉමෙන් ගියේ නම් නැත අරැම.....


Saturday, January 1, 2011

ඉගිලෙනා

ඉගිලෙනා මානවිකාවිය
සිතලග පියාපත්සලා ගිය..
වේදනා දල්වන්න සිනා විය
සැමදාම මා ඈ සොයාවිය
නේක ගී වැයූ රැය
නාරි සෝබනා රැව සිත මා මැවේවිය
ගීත ගායනා අතරින් ඇදී ගිය
ඉගිලෙනා මානවිකාවිය 
ඔබ සොයා එමියි කී වදන්
පය පැටලීය
දුරක් එන්නේ කෙසේ ඔබත් දැන් හුගක් දුර.............






අමයුරා ගෙනඑන

බලාපොරොත්තුව එයයි

නිදිවරා ‍නෙතු අයා බලා ඉන්නාතුරා
සුසුම් කෙදි මුදුපවන සමග මුසුවනතුරා
සිතුම් පොදි හදවතේ පිරී ඉතිරෙනතුරා
සිතත් ගත වෙහෙස ගෙන හබා ‍යමි සිතපුරා

බලාපොරොත්තුව එයයි හදවතේරැදි තුරා..................................
 
 

අදුරට

මුලු රෑ පුරාවට තරැ දිහා බලාගෙන
ඉන්න‍ට උරැමවුනා අදුරට
සද සාවි අදුරට ආදරේ නැති නිසා
අදුරටත් තනිකම උහුලන්න බැරි නිසා
පිනි බිංදු වූ කදුලු වැගිරැනා
සද සාවි දැක්කෙ නෑ...........
අමාවක නිසා දෝ........