අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Tuesday, January 20, 2015

සදවතී හෙට ඇවිත් පායන්න

තාරකා මල් අතර සදවතිය දිලිසෙනා...
ඒ දිහා නෙතු අයා ඉදිමි පෙරුමන් පුරා...
නමුත්,
සදවතිය නොදනීද, අමාවක දා රෑට තාරකා දිලිහෙනව මුලු අහස පුරාවට...
සදවතී නොදුටු රෑ තාරකා කැලුම් ගෙන මුදු කුමුදු පිපුනෙ නෑ...
ඒ නිසා සදවතී හෙට ඇවිත් පායන්න...


 

Tuesday, February 28, 2012

අහස දුර බව

ඈත දුර නිල් අහසෙ - වලා කුලු ලංවකී
කතාවක් අසන්නට

පියාපත් දිලිසෙනා - විදා ඒදෙස බැලූ
විහග ගී මිහිරි බව - විදින්නට කල් නැතිව
මං මුලා වී විහග දේනුව - අහස දුර බව
ඇත නොපෙනෙන

අසා නැති යයි - කියුවෙන් හද
දැන් විඩාවට කදුලු....

සලන්නට අවසරයි - එනමුත්
අහස දුර බව කියා - දෙන්නට
පමා වුනා නම්....මම

Tuesday, January 17, 2012

වැහි බිංදු


හෙලන්නට වැහි බින්දු 
ඉඩ නොදෙන අහස් කුස 
හිස් බවක් ලෙසින් දුටු 
ගැබුරු දුර කියනු බැරි ඒ නිහඩ
වැහි බිංදු හෙලාවී නම් 
දරා ගන්නට බැරිව 
මහා පොලොව උතුරාවී,

ලෝකයක් ලග ඇතියි 
කියා සිතනා විටදී 
ඒ ලොවේ සදවතිය 
අහස් කුස නම් නොවෙයි 
වැහි බිංදු හෙලනු බැරි 
නිසා........ ලොව දකින
සදවතිය ලග නොමැති 
සද එළියේ සුවදනැති 
හිස් ගැබුරු අහස් කුස 
ලොවක් දෙස බල සිටි  

Friday, December 16, 2011

විල් තෙර

මග එලි අදුරේ සැදී නෙතින් 
විල් තෙර ඉවුරේ සොදුරු සිතුම්

හැරී බලා උන් නිමෙෂයක් වුව  
නෙතින් විදී ඒ මිහිරි දසුන්

හුදකලා නැති දුරක අදුරක
රිය කවුලුවෙන් දුටු ඒ අරුමැසියන්

තනිව විදිමි මා.............



මිතුරිය යායුතු ගමනක් ගොස් අද!

නොදුටු ඔබ -රැදුනි හදට ආපු පිළිතුර


කිසිම දිනයක නොදුටුවත් ඔබ
ආදරේ සාගරය තරමට.....
ඔබේ වදනින් නිවුන මගෙ සිත
පතයි සැමදින ඔබේ සෙනෙහස / මිතුදම

මේක ඕං අමයුරාගෙ නෙවෙයි. ආපු පිළිතුර ඒ විදියටම.

Saturday, September 10, 2011

රැදුනි හද

සිනාවක් සවන් මත නොවැකුනා හඩකින්
හදවතින් මුමුනනා පදපේලි ගලපමින්
සැදී ආ මිතුදමක අරුත් ගෙන ලංවෙමින්
මිතුරියක් රැදුනි හද අකුරු හුවමාරුවෙන්

ආවා පිළිතුරක් ඒකට අමයුරාට.......පිළිතුර පසුව පෝස්ට් කරන්නම්කෝ

Sunday, August 7, 2011

අහිමි නැති




අහිමි නැති ආදරය - උතුරාවි හද පුරා

හිදිමි දන්නා සුවද - මතකයක් ලග නිසා
අරුම දන්නා ලොවේ - දුරක ගිය පව දරා
සුසුම් නොහෙලමි මම - කදුලු වැගිරෙනු අසා...


(අමයුරා ඇසූ කතාවක්)