අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Tuesday, January 17, 2012

වැහි බිංදු


හෙලන්නට වැහි බින්දු 
ඉඩ නොදෙන අහස් කුස 
හිස් බවක් ලෙසින් දුටු 
ගැබුරු දුර කියනු බැරි ඒ නිහඩ
වැහි බිංදු හෙලාවී නම් 
දරා ගන්නට බැරිව 
මහා පොලොව උතුරාවී,

ලෝකයක් ලග ඇතියි 
කියා සිතනා විටදී 
ඒ ලොවේ සදවතිය 
අහස් කුස නම් නොවෙයි 
වැහි බිංදු හෙලනු බැරි 
නිසා........ ලොව දකින
සදවතිය ලග නොමැති 
සද එළියේ සුවදනැති 
හිස් ගැබුරු අහස් කුස 
ලොවක් දෙස බල සිටි  

No comments:

Post a Comment