අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Monday, January 3, 2011

අහසටද...........

සුපිපෙන්න මල් කැකුල - නුබ නුඹ දකිනු රිසින
සුලගෙ සුව නුඹ‍ට දී - සුවද අරගනු පිණිස
නිම්තෙරක් නොපෙනෙනා - අහසටද නුඹ උරැම
ඒ ගැනම සිත සිතා - ඉකිබිදින වෙලාවට
නුඹෙ සුවද සුසුමකට - මොහොතකට එකතුකර
එවනවද මා වෙතට - අහස නොදකින ලෙස‍ට
නුඹෙ සුවද හොරෙන් ගත් - අහසනම් නොවේ මම

කප්පරක් පැතුම් ගෙන - සුළගටත් පිටුපාන 
එදින් නුඹ වසන්නට - මේකුලක් නොමැත මට

පතන හැම පැතුමකම - හෙලන හැම සුසුමකම
සෙදුරැ මල් කැකුළ නුඹෙ - රැව පෙනේ හැම තැනම 
එයද මා කළ වරද - අහස මට පිටුපාන
ඔබත් හිමි නොමැති බව - කියද්දී ඒ සුසුම...............
කදුලු බිදු මා හැරම යන ලෙසට
ඔබත් මා නෙත් ඉමෙන් ගියේ නම් නැත අරැම.....


No comments:

Post a Comment